හොඳ පාස්වර්ඩ් එකක් සාදාගන්නේ කොහොමද? [ How to create a good password? SECURE PASSWORD CHECK ]
අපි හිතුවා හොඳ පාස්වර්ඩ් එකක් හදාගන්න හැටි ගැන ඔයාලට අවබෝධයක් ලබාදෙන්න.මේක දන්න කට්ටියත් ඇති ඒත් නොදන්න කට්ටියත් ඇතිනෙ ,ඒ යාලුවොන්ට තමයි මේ...
දිගු මුරපදයක් භාවිතා කරන්න.
අපි භාවිතා කරන මුර පදය හැම විටකම අකුරු 8කට වඩා වැඩියෙන් අඩංගු මුර පදයක් වෙන්න ඕනෙ නැත්නම් ඒක හොඳ මුර පදයක් නෙමෙයි.
අකුරුත් එක්කම ඉලක්කමුත් භාවිතා කරන්න.
මුරපදයක් හදනකොට ඒක වඩා සංකීර්ණ වන තරමට ඒක හැක් වීමේ සම්භාවිතාවත් අඩු වෙනවා.ඒක නිසා අපිට පුලුවන් මුරපදයට ඉලක්කම් එකතු කරගන්න.
උදා:- මගෙ පාස්වර්ඩ් එක danumalkblog නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
danumalk5blog654
අකුරු ඉලක්කම එක්ක සංකේතත් භාවිතා කරන්න.
උදා:-මගෙ පාස්වර්ඩ් එක danumalk5blog654 නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
$danumalk5blog654
මතක තියාගන්න අමාරුනම් තමන්ට සමීප වචන වල මුලකුරු වලින් පාස්වර්ඩ් එකක් හදාගන්න.
උදා:-මගෙ හොඳම යාලුවන්ගෙ නම් ටික Saman.Sunil,Nimal,Kamal නම් ඒවගේ මුලකුරු දාලා ඒකට ඉලක්කම්,සංකේත එකතු කරල අපිට පුලුවන් හොඳ පාස්වර්ඩ් එකක් හදාගන්න.
SSNKbro$3
සිම්පල් හා කැපිටල් යන අකුරු දෙවර්ගයම තැනින් තැන යොදන්න.
උදා:-මගෙ පාස්වර්ඩ් එක danumalk5blog654 නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
DanUMalk5BLog654
එක එක ගිණුම් වලට වෙනස් පාස්වර්ඩ් භාවිතා කරන්න.
උදා:-මගෙ පාස්වර්ඩ් එක danumalk5blog654 නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
facebook වලට danumalk5blog654:fb
twitter වලට danumalk5blog654:twitter
gmail account වලට මෙන්න මෙතනින් ගිහින් 2-Step Verification active කරගන්න.
එතකොට අපේ gmail ගිණුම අපේ දුරකතනය හා සම්බන්ධ වෙලා අනවසර ඇතුලුවීම් පිලිබඳව අපිව දැනුවත් කරනවා.
අපි විශ්වාස කරනවා මේකෙන් ඔයාලට හොඳ මුරපදයක් සාදාගන්නා හැටි ගැන හොඳ අවබෝදයක් ලැබෙන්න ඇති කියල.ඔයාලට පුලුවන් මෙන්න මෙතනින් ගිහින් ඔයාලගේ පාස්වර්ඩ් එකේ ශක්තිමත් භාවය මැනල බලන්න. මෙය ඔබට ගෙන එන්නේ ලොව හොඳම වයිරස් ගාඩ් එකක් වන හි නිළ වෙබ් අඩවියෙනි නමුත් , මෙහිදී ඔබේ සැබෑ මුරපදය කිසිවිටෙකත් ඇතුල් කරන්න එපා.ඔබේ මුරපදයට සමාන වෙනත් මුරපදයක් ඇතුලත් කරන්න.
එහෙනම් අදට මම සමුගන්නම් සුභ දව්සක් ඔයාලට!!
No comments: