Android 8.0 Oreo මෙහෙයුම් පද්ධතිය හදුන්වාදෙයි. [ Introducing Android 8.0 Oreo ]
Android කියන්නේ ලෝකයේ වැඩිම දෙනෙකු ජංගම දුරකතන/ ටැබ් වැනි උපාංග සඳහා භාවිත කරන මෙහෙයුම් පද්ධතියයි. මෙහි නවතම සංස්කරණය වන Android 8.0 Oreo ගූගල් සමාගම නම් කරනු ලැබුවා...
එහි නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න
Android 7.0 ට පසුව නිකුත් කරන ලද මෙම Android 8.0 Oreo නවතම පහසුකම් වලින් සමන්විතයි. [ Android 8.0 Oreo නිකුත් කළ දිනය - 2017 අගෝස්තු 22. ] Android මෙහෙයුම් පද්ධති වල මේ දක්වා නම් පැමිණියේ පැණි රස කෑම වල නම් වලින් එසේම Oreo ලෙස ද හදුන්වන්නේ පැණිරස බිස්කට් එකක්.. මෙම අලුත්ම Android 8.0 Oreo මෙහෙයුම් පද්ධතිය ගූගල් සමාගම ලෝකයට හදුන්වා දුන්නේ ඉතා අපූරු වීඩියෝවකින්. එම වීඩියෝව පහතින් නරඹන්න.
https://www.youtube.com/watch?v=twZggnNbFqo
දැන් අපි බලමු මෙම Android 8.0 Oreo හි අලුතෙන් හදුන්වා දුන්න පහසුකම් මොනවාද කියලා
- Notification Dots - ෆෝන් එකට ලැබෙන Notification ඇප් අයිකන් එක මත ක්ලික් කරලා බලන්න සහ මකන්න පුලුවන් වීම
- Autofill - මෙමගින් ඔබ අවසර ලබා දුන් විට ඔබ සාමාන්‍යයෙන් මුරපද සහ මුරනාම භාවිතා කරන ඇප් වලට නැවත නැවත අදාල දත්ත ඇතුලත් කිරීමට අවශ්‍ය නොවේ . ඒවා ස්වයංක්‍රීයව පුරවනු ලබයි.මෙය ආරක්ෂිත මෙන්ම කාලයද ඉතිරි කරගත හැකි වේ
- Picture-in-Picture - මෙමගින් ඔබට ඇප් දෙකක් එකවර ක්‍රියා කරන්න / බලන්න හැකියාව ලබාදෙනවා.
- 2x faster - ඇන්ඩ්‍රොයිඩ් උපාංගය boot වෙන වේගය දෙගුණයක් වැඩි කර ඇත.
Emoji - චැට් කිරීමට යොදා ගන්නා Emoji වැඩිදියුණු කර අලුත් Emoji 60 ක් ඇතුලත් කර තියනවා.
එම අලුත් Emoji පහතින්
Android Instant Apps - මේක අලුත්ම පහසුකමක් Android වලට දුන්න. මේකෙන් පුලුවන් Android ඇප් ඉන්ස්ට්‍රෝල් නොකර භාවිත කරන්න.මේක ටිකක් තේරුම් ගැනීමට අපහසු නිසා පහත වීඩියෝව බලන්න.
https://youtu.be/9oaaecd7NpI
මීට අමතරව Safely , Battery Life ඇතුළු තවත් බොහෝ දේ මෙම Android සංස්කරණයේ දියුණු කර ඇත.
පට්ට ලිපියක්...
ReplyDeleteහොද පැහැදිලිකිරීමකුත් එක්ක තියනවා....
මේ වගේ අලුත්ම ලිපි දෙනවට ස්තුතියි....
Thank You Danuma....
ReplyDeleteThank you Prabhath
ReplyDelete